වැඩවසම් ක්‍රමයෙන් ධනවාදයට හැරුණු ලෝකය පසුගිය ශතවර්ෂය පුරාම ක්‍රමයෙන් පරිණාමය වෙමින් මේ වන විට ධනවාදයේ ගෝලීයකරණ අවධියේ පසුවෙයි. යුරෝපයේ ධනේශ්වර විප්ලව අවුළුවා ලූ කාර්මික විප්ලවය ධනවාදී ආර්ථික ගමන වේගවත් කළේය. කාර්මික විප්ලවයත් සමග ලහි ලහියේ කර්මාන්ත මහා පරිමාණයෙන් වර්ධනය වීමත් සමග බටහිර යුරෝපය පුරා වේගවත් ධනේශ්වර “සංවර්ධන“ සුළං හමද්දී, ධනවාදයටම ආවේණිකවූ විවිධ අතුරු විපත් ද ලෝකයේ විවිධ අංශ වලට බලපෑවේය. යුරෝපයේ එතෙක් පැවැති දේවවාදී නියමයන්ට එරෙහි වෙමින් භෞතික වාදී විද්‍යාවන් පැන නැංගේ පෘථිවිය නමැති ග්‍රහ ලෝකය මිනිසාට පමණක් අයිති මිනිසාගේ සුඛවිහරණය පිණිස කඩා බිඳ හැඩතල ගන්වා වෙනස් කළ හැකි තවත් එක් “සම්පතක්“ බවට පත් කරමිනි.
ධනවාදය වනාහී ස්වභාවයෙන්ම මිනිස් ලක්ෂණයන් වූ තණ්හා, ආශා, රාග, ද්වේශ ආදී මනෝභාවයන් තවත් වැඩි දියුණු කිරීමට මනා සරු පසක් සහිත ආර්ථික කෙතකි. ධනවාදයේ මූලික අවස්ථාවේම එය මානව සමාජයටත් පරිසරයට හා සතුන්ටත් එල්ල කළේ දැඩි බලපෑමකි. මානව වර්ගයාට ධනවාදය මගින් සිදුවූ බලපෑම පිළිබඳ බහුල වශයෙන් සාකච්ඡා කෙරී ඇති බව පෙනෙතත් ඉතිහාසය තුළ අඩු වැඩි වශයෙන් පරිසරයට හා සමස්ත ලෝකයටම වූ බලපෑම ගැන සාකච්ඡා කෙරී ඇති ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව හැඟේ. එසේ හෙයින් ධනේශ්වර “සංවර්ධනයේ“ දිස්නයෙන් ගිණිකන වැටී සිටින මානවයා තමා කේන්ද්‍රීයව සිතා ඇති ප්‍රමාණය සමස්ත පෘථිවිය කෙරෙහි සිතා නැත. දහනව වන සියවසේ යුරෝපයේ සිටි අනාගතය ගැන යම් පුරෝකථනයක යෙදුන බුද්ධිමතුන් දෙපළක් වූ කාල් මාර්ක්ස් සහ ෆ්‍රෙඩ්රික් එංගල්ස් දෙදෙනා ධනවාදී අර්ථ ක්‍රමය මානව වර්ගයාට ඇති කළ බලපෑම පිළිබඳ කළ පර්යේෂණාත්මක විග්‍රහයකින් පසුව ධනවාදී අර්ථ ක්‍රමයට විකල්ප වශයෙන් සමාජවාදී මාක්ස් වාදය ඉදිරිපත් විය. මෙම ලිපියේ අරමුණ මාක්ස් වාදය ගැන සාකච්ඡා කිරීම නොවුවද ධනවාදය හා එහි හැසිරීම ගැන වූ සාකච්ඡාවෙකදී මාක්ස්වාදය ගැන සඳහන් නොකොට සිටීම කළ නොහැක්කකි. මාක්ස්වාදය වනාහී ධනවාදය සහ එහි අනාගතය පිළිබඳව (සර්වසම්පූර්ණව නොවුවත්) වූ අඳුරු අනාවැකියකි.
ධනවාදය යුරෝපයේ නැගී සිටීමත් සමගම වැඩවසම් ක්‍රමය තුලදී නොවූ ලෙස මෙම නව සමාජ ආර්ථික ක්‍රමයට සරිලන ප්‍රතිසංස්කරණ රාශියක් සමාජයේ සෑම ඒකකයක් තුළම සිදුවූ බව ඉතිහාසය දෙස හොඳින් බලන්නෙකුට පැහැදිළිව පෙනේ. මෙයට පෙර දේව ධර්මයට අනුකූලවවූ සංකල්ප පෞද්ගලික දේපල හා ලාභ ඉපැයීම මතවූ ධනවාදී ආකල්ප වලට අනුකූලව සංශෝධනයට බඳුන් විය. විශේෂයෙන්ම ඇතැම් රටවල් පොළිය සහ මුදල් ණයට දීම හා ණය අයකර ගැනීම සම්බන්ධයෙන් ආගමික සංශෝධන වලට පවා එළඹිණ. ධනවාදය ක්‍රමයෙන් විකාශය වෙමින් දියුණු වෙත්දී භයංකර අවතාරයක් මෙන් මාක්ස්වාදී චින්තනයද යුරෝපය පුරා කෙමෙන් කෙමෙන් පැතිරෙන්නට විය. පැරිස් කොමියුනයේ ඉතා කෙටි ආයුෂ ධනවාදය ට ඉස්පාසුවක් ඇතිකළද 1917 අග රුසියාවේ දී ඇතිවූ සමාජවාදී විප්ලවය ධනවාදයේ ඉදිරිගමකට එරෙහිවූ බාධකයක් ලෙස 1990 දක්වාම ලොව මත පැවැතියේය. ධනවාදයේ ගෝලීය අවධිය ප්‍රමාද කළ එක් සාධකයක් වූයේ මුලින්ම රුසියාවේත් ඉන් පසුව නැගෙනහිර යුරෝපයේ සහ චීනයේත් පසුව ලතින් අමෙරිකාවේ හා අප්‍රිකාවේත් ආසියාවේත් පැන නැගුන සමාජවාදී රාජ්‍යයන්ය.
කාර්මික ධනවාදය නැගී ඒමත් සමග වෙළඳපොළ සහ අමුද්‍රව්‍ය අරභයා ධනවාදී රටවල් අතර තරඟයක් ඇතිවිය. මේ තරඟය රටවල් සොයා ගොස් වෙළඳාම් කිරීමෙන් ඇරැඹී අධිරාජ්‍යය පුළුල් කරමින් යටත් විජිත අල්ලා ගැනීමක් දක්වා ඉක්මනින්ම වර්ධනයට ලක්විය. බටහිර යුරෝපා ජාතීහු මෙසේ අධිරාජ්‍යයන් පුළුල් කිරීමේ දී ඔවුනොවුන් ඇණ කොටා ගන්නා තත්ත්වයකට පත්වූ අතර යුරෝපයේ දී ඔවුන් පෙන්වීමට තැත්කළ ශිෂ්ඨාචාරවත් හැසිරීම කිසිවිටෙකත් සිය යටත් විජිත වලදී හෝ ඔවුනොවුන් අතර සිදුවූ සටන් වලදී ප්‍රදර්ශනය නොවීය. තණ්හාව මුල් කරගත් ලාභ පරමාර්ථයෙන් යුතු වෙළඳාම් පවත්වා ගැනීමට යාමේ දී වූ තරඟය මේ යුගයේ ධනවාදී ආර්ථිකයන්ට දරා ගත නොහැකි තත්ත්වයට පත්වන විට ලෝකයට පළමු වතාවට ලෝක ව්‍යාප්ත සංග්‍රාමයකට මුහුණ දීමට සිදුවිය. ඒ පළමු ලෝක සංග්‍රාමයයි. පළමු ලෝක සංග්‍රාමයට ආසන්න හේතුන් මොනවා වුනත් එයට අඩිතාලම් දැමූ දීර්ඝ කාලීන හේතුව වන්නේ ධනවාදී ආර්ථික ක්‍රමය තුළ එකිනෙකා පරයා ලාභ ලැබීමේ නොනිමි ආශාවයි.
පළමු ලෝක සංග්‍රාමය අවසන් වීමත් සමග එහි අතුරු විපාක හා ආර්ථික පාඩුව පිළිබඳව ධනවාදී රටවල් අතර වූයේ පසුතැවිලි සහගත බවකි. ධනවාදී ආර්ථිකය මඳක් හෝ ශිෂ්ඨ සම්පන්න කරනු වස් මීළඟ පියවරවූයේ ජාතීන්ගේ සංගමයයි. නමුත් මේ වන විට පැවති ලෝක ආර්ථික රටාව පිළිබඳ නිවැරදි තක්සේරුවක් එයට එක්වූ නායකයින් අතර වූ බවක් නොපෙනේ. එසේ වූවා නම් ඉතා කෙටි කලෙකදී නැවතත් ලෝක යුද්ධයක් ඇරඹෙන්නේ නැත. ජයග්‍රාහකයා පරාජිතයා පීඩනයට හා අවමානයට පත් කිරීමේ අශිෂ්ඨ, සදාචාර විරෝධී ලක්ෂණ නිසාම ජාතීන්ගේ සංගමය සාර්ථක නොවීය. ඒ සමගම අවමානයට පත් ජර්මනියේ අභිමානය වෙනුවෙන් යැයි කියා ගත් ඇඩොල්ෆ් හිට්ලර් ධනවාදී අර්බූධයෙන් ගොඩ ඒමේ අවසන් තුරුම්පු වලින් එකක් වූ ෆැසිස්ට්වාදය යොදා ගනිමින් යුදෙව් සංහාරයක් සමග දෙවැනි ලෝක යුද්ධයට අවතීරණ විය. මේ වන විට ධනවාදී අර්ථ ක්‍රමයේ විකල්ප සතුරා වූ සමාජවාදය රුසියාවේ සෝවියට් සමූහාණ්ඩු සංගමය ඇති කොට තිබිණ. ඒවන විට බලයේ සිටි ජෝසප් ස්ටාලීන් සම්බන්ධයෙන් අපගේ මතය කුමක් වුවත් ස්ටාලින් ගේ රුසියාව ධනවාදයටද ෆැසිසට් වාදයටද එරෙහි රෝධකයක් ලෙස ක්‍රියා කල බව කිව යුකුය. දෙවන ලෝක යුද්ධය නිම වූයේ තවදුරටත් බෙදී සටන් කිරීමේ ක්‍රමය නවතා දැමීමට ධනවාදී කඳවුරට බල කරමිනි.
දෙවැනි ලෝක යුද්ධය ගෙනා බිහිසුණු ආර්ථික හා සාමාජීය විනාශය මානව වර්ගයාගේ හෘද සාක්ෂිය ටික කලකට හෝ කම්පනයට පත් කළ බව පෙනේ. එසේවුවද ඒ ටික කාලය තුළම ධනවාදයේ වර්ධනය සඳහා වන ක්‍රියාමාර්ග ගැනීමට පිඹුරුපත් සැකසීමට ධනවාදී නායකයින් පසුබට නොවූහ. ස්ටාලින් ගේ නායකත්වයෙන් යුතු සෝවියට් සංගමය ලෝක ව්‍යාප්ත සමාජවාදී විප්ලවය පසෙක තබා ධනවාදී නායකයින් හා සාමයට එක්වූ අතර තවදුරටත් බෙදී සටන් නොකොට එක්ව සටන් කළ යුතු ධනවාදය ආරක්ෂා කරන්නාවූ යාන්ත්‍රණයක් සෑදිමට ලෝක ධනේශ්වර නායකයෝ එක්වූහ. ඒ අන් කිසිවක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ වන්නේ පෘථිවියේ මින් කිසි දිනෙක නැවත යුද්ධ ඇති වීම වැළැක්වීමටත්, ලෝකය පුරා වෙසෙන මානව වර්ගයාගේ අභිවෘද්ධිය පිණිසත් ය යන පරමාදර්ශයන් සහිතවය. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්වකීය පරමාර්ථයන් මුදුන්පත් කරගැනීමට අසමත් වූ අසාර්ථක යාන්ත්‍රණයක් බව ගතවූ වසර හැටකට අධික එහි ඉතිහාසය සාක්ෂි දරයි. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ධනවාදයේ පරිණාමය නම්වූ එහි සැඟැවුනු අරමුණ දක්ෂ ලෙස ඉටු කරමින් සිටින බව නම් පැහැදිළිය.
සෝවියට් දේශයේ බිඳ වැටීම සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණ නොවන නිසා ඒ ගැන වැඩිදුරටත් කථා නොකරමි. එසේ වුවද 1990 වසරේදී සෝවියට් දේශය බිඳ වැටෙන තෙක්ම ධනවාදයේ මහා පරිමාණ ගෝලීයකරණයට එය පැහැදිලි බාධකයක් විය. සෝවියට් දේශය බිඳ වැටීමත් සමගම ධනවාදය ත්වරණයකින් යුතුව වේගයෙන් ලොව පුරා පැතිර ගියේ එහි මහේශාක්‍ය ආඩම්බරයත් සමගය. මාක්ස්වාදයේ ඇතැම් පුරෝකථනයන් සාර්ථක නොවුවත් ධනවාදයේ ගෝලීය කරණයත් සමගම නැවතත් මාක්ස්වාදයේ ඇතැම් පුරෝකථන දෙස දේශපාලනය පිළිබඳ උනන්දුවක් ඇති අය අතර නැවතත් සංවාදයන් ඇති වන බව පෙනේ. ගෝලීයකරණයත් සමග ලොව පුරා පැතිරී ගිය නව ලිබරල් වාදී ආරථික ක්‍රමය ඇතැම් අර්ථ ශාස්ත්‍රඥයන්ගේ මහත් ප්‍රශංසාවටත් තවත් පිරිසකගේ දැඩි විවේචනයටත් බඳුන් විය. පසුගිය වසර කිහිපයේ ලෝක ආර්ථිකය මුහුණ දුන් දැවැන්ත ආර්ථික පසුබෑමත් සමග මෙම විවේචන දැඩි වූ අතර ගෝලීයකරණ වාටියේ රැඳී සිටින අප වැනි රටවල් නව ලිබරල්වාදී ක්‍රමයට පූර්ණ ලෙස අනුගත වී නොතිබීම අප වෙත දැනුනු පීඩනය යම් මට්ටමකින් සමනය කළේය යන්න බොහෝ තැන් වලින් අසන්නට ලැබින.
ධනවාදී අර්ථ ක්‍රමය සහ එමගින් මානව වර්ගයාට සිදුවූ වාසි පිළිබඳව බටහිර රටවල ආර්ථික විද්‍යාඥයින් නිතරම කථා කරනු අසන්නට ලැබේ. බොහෝ පොත පත ද ඒ ගැන ලියා පළ කොට ඇත්තේ ධනවාදී ක්‍රමය වනාහී මෙතෙක් ලොව පහල වූ හොඳම දෙයයැයි ඒත්තු ගන්වමිනි. සමාජවාදය යන වචනය ඉතා බියකරු දෙයක් ලෙසත් ස්වභාව ධර්මයේ නීතීන්ට පටහැනි දෙයක් ලෙසත් එනිසාම එය බිඳ වැටුණු බවත් මේ උගත්තු මහත් අභිරුචියෙන් දේශනා කරති. මේ පිළිබඳ ඉදිරියේ දී වෙනම සාකච්ඡා කිරීමට ඉඩ ලබා ගනිමින් වර්තමාන ලෝකයේ ආර්ථික තත්ත්වය සහ එහි අනාගතය ගැන ඉතා සංශිප්ත ලෙස සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි. ධනවාදයේ සහ සමාජවාදයේ විවිධ අවධි හා ඒ ඒ අර්ථ ක්‍රමයන් මානව වර්ගයාවෙත ලබාදුන් දායාදයන් පිළිබඳ ව අපි පසුව විස්තර වශයෙන් කථා කරමු.
මේ වන විට ධනවාදය පසු කරමින් සිටින්නේ එහි ගෝලීය අවධියයි. අප කැමති වුවත් නැතත් අපට මුහුණ දීමට සිදු වී ඇති සත්‍යය මෙයයි. මේ යථාර්තයට මුහුණ දීමට පවතින භූ දේශපාලන වටපිටාව මානව වර්ගයා කෙරෙහි බල කර සිටියි. ධනවාදී ක්‍රමය ආරක්ෂා කරනු වස් ඒ ඒ ධනවාදී රට වල ව්‍යවස්ථාපිතව ඇති කරගත් ශක්තිමත් ආයතන ව්‍යූහයක් ඇති අතර මේ ගෝලීය අවධියේදී ඉන් එහාට ගිය අන්තර්ජාතික ආයතන ව්‍යූහයක් අවශ්‍ය විය. පළමුව අපි රාජ්‍යයන් තුළ ධනේශ්වර ක්‍රමයේ පැවැත්ම සහ ආරක්ෂාව සඳහා ඇති ආයතන ගැන සලකා බලමු. ධනවාදී ක්‍රමය හෙවත් බටහිර අර්ථ ශාස්ත්‍රඥයින් වඩාත් ස්වභාවික ලෙස හඳුන්වන ආර්ථික ක්‍රමය ස්වභාවයෙන්ම ප්‍රබලයා විසින් දුබලයා පාලනය කරනු ලබන සාධාරණ නොවූ සංවිධානයකි.(ලෝකය සර්ව සාධාරණ නැත!). මේ නිසා හැකි සෑම විටෙකම පීඩනයට පත් කරනු ලැබූ (පීඩිත) පංතිය ස්වකීය ස්වාමි වරුන් ලෙස පෙනී සිටින පීඩකයාට හෙවත් පාලකයන්ට එරෙහිව නැගී සිටිනු ඇත. නිරන්තර ව මෙවැනි නැගී සිටීම් ඇතිවීම ධනවාදයේ සුමට ගමනට වන අවහිරයකි. මේ අවහිරය පාලනය කිරීම ට සහ ධනවාදයේ මූලික ලක්ෂණය වන පුද්ගලික දේපල වල ආරක්ෂාව පිණිස ධනවාදී සමාජය විසින් මෙම ආයතන හඳුන්වා දී ඇත.
ධනවාදී සමාජය තුළ විටින් විට ඇති වන කලබගෑනි සමථයකට පත් කිරීමටත් නිර්ධනයා, සුළු ධනපතියා සහ ධනපතියා අතර පිළිගත හැකි පරිදි සම්පත් බෙදා ගැනීමටත් නීති සම්පාදනය කළ යුතුය. ඒ සඳහා වන ව්‍යූහය වන්නේ ව්‍යවස්ථාදායකයයි. විවිධ රටවල විවිධ නම් වලින් හඳුන්වනු ලැබූවද මේ සියළු ආයතන වල පොදු කාර්යභාරය වන්නේ ඉහත කී පරිදි නව නීති සම්පාදනය සහ ධනවාදය විසින් උපයනු ලබන අතිරික්ත ප්‍රාග්ධනය සමාජයේ ස්ථර අතර හැකිතාක් දුරට පිළිගැනීමට හැකිවන පරිදි බෙදා දීමයි. මෙම නීති ක්‍රියාත්මක කොට ධනේශ්වර රාජ්‍යය පවත්වාගෙන යාම විධායකය විසින් කරනු ලැබේ. මේ සඳහා විධායකයට සහාය වීම සඳහා ආයතන රාශියක් ඇත. පොලිසිය, සන්නද්ධ හමුදා, රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය විධායකයට සිය කාර්යයන් සාර්ථක ලෙස කරගෙන යාම සඳහා අවශ්‍ය වන්නාවූ උපකරණ වලින් කිහිපයකි. ව්‍යවස්ථා දායකය හා විධායකය පමණක් වූ පමණින් ධනේශ්වර රජය පවත්වා ගත නොහැක. මන්දයත් ලෝකය පුරාම දක්නට ලැබෙන පරිදි සුළු ධනේශ්වර කොටස් සහ නිර්ධන පංතිය සෑම විටෙකම එම ආයතන දෙක දෙස සැකයෙන් බලන බැවිනි. මේ සැකය දුරු කිරීම වස් හැකිතාක් දුරට අපක්ෂපාතී හෝ අවම වශයෙන් එසේ පෙනෙන අධිකරණ ක්‍රමයක් අවශ්‍ය වන්නේය. වැඩවසම් ක්‍රමයේ වූ හානිකර ලක්ෂණ වළින් හොඳහැටි බැටකා ඇති සුළු ධනේශ්වර පංතිය වඩාත් ශක්තිමත් සහ අපක්ෂපාතී අධිකරණ පද්ධතියක් නොමැතිව නූතන ධනවාදයේදී සෑහීමකට පත්වන්නේ නැත. මෙසේ ඉතා සංශිප්තව දක්වන ලද්දේ ධනේශ්වර රාජ්‍යයයේ පැවැත්ම උදෙසා පැහැදිලි බෙදීමක් සහිත රාජ්‍ය සංවිධාන වල කාර්යභාරයයි. නමුත් ධනවාදය එහි ගෝලීය අවධිය ට පිවිසෙත්ම ඇතිවූ සන්නිවේදන විප්ලවයත් සමගම සාම්ප්‍රදායික රාජ්‍යයයේ තවත් වැදගත් ස්ථානයක් ජන මාධ්‍යය හෙවත් තොරතුරු වෙත ලැබිණි. ඇතැම් දේශපාලන විද්‍යාඥයින් රජ්‍යය යන සංකල්පයේ හතරවන කුළුණ ලෙස ජන මාධ්‍යය හඳුන්වන්නේ ඒ නිසාය. ඇත්තෙන්ම ජනමාධ්‍යය සහ සන්නිවේදන තාක්ෂණය ධනේශ්වර ක්‍රමයේ පැවැත්ම තහවුරු කරන්නාවූ ඉතා වැදගත් සංකල්පයක් සහ බලවේගයකි. ධනේශ්වර ආර්ථිකයේ වෙළඳ ප්‍රචාරණයේ සිට සංඛ්‍යාත්මකව බහුතරයක් වන්නා වූ සුළු ධනේශ්වර පංතියේ විනෝදාශ්වාදය සහ බහුතර සමාජයේ හෘද සාක්ෂිය පාලනය කිරීම දක්වාම ජනමාධ්‍යය විසින් ධනවාදය වෙත සිදු කරන්නේ දැවැන්ත මෙහෙයකි.
ගෝලීය ධනවාදයේ දී ධනේශ්වර අර්ථ ක්‍රමය පෙර නොවූ විරූ ලෙස සියළු දේශ සීමා බිඳ දමා දෙගොඩ තලා ගලන මහා ගංවතුරක්සේ ලොව පුරා පැතිරී යන හැටි අපි දැන් සජීවීව අත් දකිමින් සිටින්නෙමු. මේ ජාත්‍යන්තර ධනවාදය ආරක්ෂා කර ගැනීම සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් ලොව පුරා විහිදී තිබිය යුතුය. මෙහි ව්‍යවස්ථා දායක කාර්යයට අද පණ දී ඇත්තේ ලෝක සාමය සඳහාය යන පරමාදර්ශී අරමුණ ඇතිව බිහිකළ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. ඒ හැර වෙනත් විකල්පයක් ධනවාදී අර්ථ ක්‍රමය සතුව නැත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විධායකයේ කාර්යයන් ඉටු කරද්දී එහි හොඳම උපකරණ බවට පත්ව ඇත්තේ නේටෝ සංවිධනය සහ දෙවන ලෝක යුද්ධයේ “මිත්‍ර පාර්ශවයේ රට වල හමුදාවන්“ ය. ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය, ජනීවා හි මානව හිමිකම් මණ්ඩලය සමග ලෝක වෙළඳ සංවිධානය අඩු වැඩි වශයෙන් අධිකරණ බලතල ක්‍රියාත්මක කරණ යාන්ත්‍රණ බවට පත්ව ඇත.
දැන් අපි ධනේශ්වර ක්‍රමයේ පැවැත්ම උදෙසා මේ එක් එක් ආයතන වල කාර්ය භාරය මඳක් විමසමු.
දෙවන ලෝක යුද්ධය වනාහී මේ මිහිමත ඇතිවූවා වූ ඉතා කටුකතම, දරුණුතම සහ මානව හෘද සාක්ෂිය දරුණුලෙස ප්‍රශ්ණයට ලක් කළා වූ සිදුවීමයි. මෙම යුද්ධයේදී සියළුම පාර්ශ්ව කරුවන් අඩු වැඩි වශයෙන් මානව වර්ගයාට එරෙහි අපරාධ වල නිරත වූ බව පැහැදිළිය. නියුරම්බර්ග් යුධ අපරාධ අධිකරණයේදී හා හේග් යුධ අපරාධ අධිකරණයේ දී හෙළි වූ යේ බහුල වශයෙන්ම පරාජිත අක්ෂ බලවතුන්ගේ සැහැසිකම්ය. එසේ වුවද මිත්‍ර ජාතීන් අතින් ද දරුණු ගණයේ යුධ අපරාධ සිදු වූ බව නොරහසකි. එසේ වුවත් අද අපට ඇඟිල්ල දිගු කරන කිසිවෙක් තමතමන් විසින් කළ අපරාධ ගැන ස්වයං විවේචනයක යෙදීමට කැමැති වන්නේ නැත. මේ ඉතා අමිහිරි අත්දැකීම් වලින් පසුව තව දුරටත් මෙවැනි අත් දැකීමක් විඳීමට මානව හෘද සාක්ෂියට අවශ්‍ය නොවීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවන්නේ එලෙසයි. මානව වර්ගයා ස්වකීය ප්‍රචණ්ඩත්වයෙන් කම්පනයට පත්වූ තරම කෙතරම් ද කිවහොත් නැවතත් තමන් අතින් මෙවැනි විනාශයක් වීම වැළැක්වීම පිණිස ස්වකීය දෑත් වලටම යදම් ලා ගැනීමට සාමාජික රටවල් පසුබට නොවූ බව පෙනේ. එහෙත් මහා බලවතුන් තම අත්වලට අනෙකුත් සාමාජික රටවල් දමාගත් විලංගු දමා ගත්තේ නැත. ඒ වෙනුවට ඔවුන් සිය දෑත් වලට වඩා ලිහිල් සහ වඩා දුර්වල බැමි දමා ගත්හ. මේ නිසා මහා බලවත්තු අනෙකුත් සාමාජික රටවල් වලට වඩා වැඩි වරප්‍රසාද සහ පාලන බලතල උසුලති. මේ වනාහී වෙන් වෙන්ව අධිරාජ්‍ය පිහිටු වීමට වඩා එක්ව අධිරාජ්‍යයක් පිහිටුවා ඒ මත ස්වකීය ආධිපත්‍යය පැතිර වීමේ ධනේශ්වර බටහිර ව්‍යාපෘතියයි. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අන්තර් ජාතික සාමයට වඩා අන්තර්ජාතික යුද්ධ සඳහා සාමූහික අනුමැතිය ලබා දෙන ආයතනයකි. මේ සඳහා හොඳ උදාහරණ කිහිපයක් දෙස හැරෙමු.
නේටෝ සංවිධානය වනාහී දෙවන ලෝක යුද්ධයෙන් පසුව නැගෙනහිර යුරෝපය පුරා හමාගිය සමාජවාදී සුළං රැළි බටහිරට හමා ඒම මිලිටරිමය වශයෙන් වැළැක්වීම සඳහා ඇති කර ගත්තාවූ බාධක පවුරයි. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් අනතුරුව නේටෝව එක්සත් ජාතීන්ගේ නිල නොලත් හමුදාව වශයෙන් කටයුතු කරන අයුරු ඉහතදීද විස්තර කළෙමු.
හේග් හි යුධ අධිකරණය ද මානව හිමිකම් කවුන්සිලයද සිය ක්‍රියාකාරීත්වයේ දී ධනවාදයේ ව්‍යාප්තියට එරෙහි වූවන් දඩයම් කිරීමට යොදාගනු ලබන ආයතනයක් බවට උදාහරණ ඕනෑතරම් ඇත.
නමුත් මේ ආයතන ස්වකීය මූලික අරමුණට අදාල කිසිවක් නොකරන්නේ යැයි යන්න මෙයින් අදහස් නොවේ.
ධනවාදයේ ගෝලීයකරණ අවධිය දෙස බොහෝ දෙනා බලා සිටින්නේ එක්කෝ ධනවාදයේ නැගීම ගැන වූ ප්‍රීතියෙනි. නැතහොත් තමන් එහි ගොදුරක් වීම වැළැක්විය නොහැකිය යන මන්දෝත්සාහී ස්වභාවයෙනි. නමුත් මේ ගෝලීයකරණ අවධියම ධනවාදයට මහත් අභියෝගයක් බව විමසිල්ලෙන් බලාසිටින්නෙකුට පෙනී යයි. එක් අතෙකින් දුර්වල ආර්ථිකයන් ඇති සහ දුර්වල දේශපාලන නායකත්වයන් ඇති රටවල් ගෝලීයකරණ සුළි සුළඟට හසුව පොඩි පට්ටම් වෙමින් පවතී. මේ නිසා ඇති වන්නා වූ සමාජ දේශපාලන ප්‍රතිරෝධයන් ධනවාදයේම පැවැත්ම අභියෝගයට ලක් කරයි. තවමත් අසංවිධානාත්මක ලෝක නිර්ධන පංතිය ඉදිරියේ දැනට විජයග්‍රාහීව නැගී සිටියද මේ අර්බූධ නිසා හටගත් බරපතල තුවාල ධනේශ්වර ආර්ථික දේහය පුරාම ඇත. අනෙක් අතට වේගයෙන් පැතිරෙන ගෝලීය ධනවාදයට යට නොවී සටන් කිරීමට ඉදිරිපත් වන රාජ්‍යයන්ට එරෙහිව - ඒවා ධනේශ්වර හො වේවා සමාජවාදී හෝ වේවා- ප්‍රචණ්ඩත්වය සහ විවිධ තාඩන පීඩන මුදා හැරීමයි. අද ලිබියාවේ සහ සිරියාවේද ඇතැම් විවිධ ස්වරූප වලින් ලංකාවට එරෙහිවද ක්‍රමාණුකූලව සිදුවන්නේ මෙයයි.
ධනේශ්වර රටවල් හා බලවේගයන් සිය අධි පරිභෝජී ජීවන රටාවෙන් සහ පසුගිය කාලයේ ගොඩ නගා ගත් බලයෙන් දෑස් අඳව කල්පනා කරන්නේ ධනවාදය තවතවත් වේගවත්ව පැතිර විය යුතු බවයි. නමුත් අපගේ ලෝකය හෙවත් පෘථිවි ග්‍රහයා සතු සම්පත් සීමා සහිත බවත් මානව වර්ගයා හැර තවත් ජීවී විශේෂ මිහිමත ජීවත් වන බවත් ඔවුන්ටද මානව වර්ගයා තරම්ම මේ මහ පොළොවේ ජීවත් වීමට අයිතියක් ඇති බවත් ධනවාදයට අමතක වී ඇති සැටියකි. මුළු ලොවම සම්පූර්ණ වශයෙන් ධනේශ්වරය වැළඳ ගත්තා යැයි සිතන්න. අපි අද භාණ්ඩ හා සේවා නිපයන වේගයෙන්ම හෝ ඊට වැඩියෙන් ඉදිරියට ගියහොත් එක්කෝ නිෂ්පාදන විකුණාගැනීමට නොහැකිව හෝ අමුද්‍රව්‍ය නැතිවීමෙන් නිෂ්පාදන නැවතීමෙන් හෝ මේ ක්‍රමය නවතිනු ඇත. මට ඇති ප්‍රශ්ණය නම් එතෙක් මේ ලෝකයේ මානව ශිෂ්ඨාචාරය පවතීද යන්නයි.
දැඩි තණ්හාව සහ ආශාවේ ගිලී ඇති මානව වර්ගයා ඉතා වේගයෙන් පෘථිවි ග්‍රහයා විනාශ කරමින් සිටියි. ධනේශ්වර සංවර්ධනයේ අග්‍රඵලය දකින්නට පෘථිවිය මත අවසානයේ ඉතිරිවන්නේ මැස්සන් හා කැරපොත්තන් පමණක් විය හැක...

ඊශ්‍රායලය යනු දෙවන ලෝක යුද්ධයට පෙර ලෝක සිතියමේ වූ රටක් නොවේ. නමුත් පලස්තීනුවන් රටක් නැති සරණාගතයින් බවට පත් කරමින් නිර්මාණය කරන ලද ඊශ්‍රායලයේ හිතුවක්කාරී ක්‍රියා වලට එරෙහිව එක්සත් ජාතීන් කෙතරම් යෝජනා මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේද? අද දක්වාම රටක් නැති පලස්තීනුවන් වෙනුවෙන් එම යෝජනා වලින් කීයක් ක්‍රියාත්මක කර තිබේද?
කියුබාවේ සමාජවාදී පාලනය පෙරලා දැමීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ සංවිධාන ව්‍යූහය මොන තරම් යොදා ගෙන ඇත්ද? එයට එරෙහි රටවල් අති බහුතරයේ ඡන්දයෙන් යෝජනා සම්මත වූවත් ඒවා ක්‍රියාත්මක වී තිබේද?
ඉරාකය ආක්‍රමණයට අමෙරිකාව පෙළඹුණේ ඉරාකය සතුව සමූහ ඝාතක යුධ අවි තිබූ නිසා නොවන බව දැන් හෙළි වී ඇත. ඇත්තම හේතුව වූයේ ධනවාදයේ ගෝලීයකරණයට සදාම් හුසේන් සිය රට අනවශ්‍ය ලෙස විවෘත නොකිරීමයි. නමුත් ජාත්‍යන්තර මාධ්‍ය මගින් මහා අපරාධකරුවෙකු ලෙස පින්තාරු කරනු ලැබූ සදාම් හුසේන් පාලනය අවසන් කොට පක්ෂපාතී අධිකරණයක් ඉදිරියේ වූ විහිළු නඩු විභාගයකදී වැරදි කරු කරන ලද සදාම් හුසේන්ව මරා දමනු ලැබූයේ ශිෂ්ඨ සම්පන්න මානව හෘද සාක්ෂිය ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් තබමිනි.
ලිබියාවේ දැන් පවතින යුද්ධය ගෝලීය ධනවාදය ආරක්ෂා කිරීම සහ එහි ව්‍යාප්තිය සහතික කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය යොදා ගැනීමට හා නේටෝව උපකරණයක් ලෙස යොදා ගැනීමට හොඳම උදාහරණ වේ. ගඩාෆි ගෙන් ලිබියානු ජනයා බේරා ගැනීම කෙසේ වෙතත් ධනේශ්වර ගෝලීයකරණයට රිසි ලෙස තෙල් සම්පත් බහුල ලිබියාව තුළ පැතිරීමට ගඩාෆි ගෙන් ලද ප්‍රතිරෝධය නම් මේ සඳහා හොඳින්ම හේතුවූ බව පෙනේ.
නේටෝ සංවිධානය වනාහී දෙවන ලෝක යුද්ධයෙන් පසුව නැගෙනහිර යුරෝපය පුරා හමාගිය සමාජවාදී සුළං රැළි බටහිරට හමා ඒම මිලිටරිමය වශයෙන් වැළැක්වීම සඳහා ඇති කර ගත්තාවූ බාධක පවුරයි. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් අනතුරුව නේටෝව එක්සත් ජාතීන්ගේ නිල නොලත් හමුදාව වශයෙන් කටයුතු කරන අයුරු ඉහතදීද විස්තර කළෙමු.
හේග් හි යුධ අධිකරණය ද මානව හිමිකම් කවුන්සිලයද සිය ක්‍රියාකාරීත්වයේ දී ධනවාදයේ ව්‍යාප්තියට එරෙහි වූවන් දඩයම් කිරීමට යොදාගනු ලබන ආයතනයක් බවට උදාහරණ ඕනෑතරම් ඇත.
නමුත් මේ ආයතන ස්වකීය මූලික අරමුණට අදාල කිසිවක් නොකරන්නේ යැයි යන්න මෙයින් අදහස් නොවේ.
ධනවාදයේ ගෝලීයකරණ අවධිය දෙස බොහෝ දෙනා බලා සිටින්නේ එක්කෝ ධනවාදයේ නැගීම ගැන වූ ප්‍රීතියෙනි. නැතහොත් තමන් එහි ගොදුරක් වීම වැළැක්විය නොහැකිය යන මන්දෝත්සාහී ස්වභාවයෙනි. නමුත් මේ ගෝලීයකරණ අවධියම ධනවාදයට මහත් අභියෝගයක් බව විමසිල්ලෙන් බලාසිටින්නෙකුට පෙනී යයි. එක් අතෙකින් දුර්වල ආර්ථිකයන් ඇති සහ දුර්වල දේශපාලන නායකත්වයන් ඇති රටවල් ගෝලීයකරණ සුළි සුළඟට හසුව පොඩි පට්ටම් වෙමින් පවතී. මේ නිසා ඇති වන්නා වූ සමාජ දේශපාලන ප්‍රතිරෝධයන් ධනවාදයේම පැවැත්ම අභියෝගයට ලක් කරයි. තවමත් අසංවිධානාත්මක ලෝක නිර්ධන පංතිය ඉදිරියේ දැනට විජයග්‍රාහීව නැගී සිටියද මේ අර්බූධ නිසා හටගත් බරපතල තුවාල ධනේශ්වර ආර්ථික දේහය පුරාම ඇත. අනෙක් අතට වේගයෙන් පැතිරෙන ගෝලීය ධනවාදයට යට නොවී සටන් කිරීමට ඉදිරිපත් වන රාජ්‍යයන්ට එරෙහිව - ඒවා ධනේශ්වර හො වේවා සමාජවාදී හෝ වේවා- ප්‍රචණ්ඩත්වය සහ විවිධ තාඩන පීඩන මුදා හැරීමයි. අද ලිබියාවේ සහ සිරියාවේද ඇතැම් විවිධ ස්වරූප වලින් ලංකාවට එරෙහිවද ක්‍රමාණුකූලව සිදුවන්නේ මෙයයි.
ධනේශ්වර රටවල් හා බලවේගයන් සිය අධි පරිභෝජී ජීවන රටාවෙන් සහ පසුගිය කාලයේ ගොඩ නගා ගත් බලයෙන් දෑස් අඳව කල්පනා කරන්නේ ධනවාදය තවතවත් වේගවත්ව පැතිර විය යුතු බවයි. නමුත් අපගේ ලෝකය හෙවත් පෘථිවි ග්‍රහයා සතු සම්පත් සීමා සහිත බවත් මානව වර්ගයා හැර තවත් ජීවී විශේෂ මිහිමත ජීවත් වන බවත් ඔවුන්ටද මානව වර්ගයා තරම්ම මේ මහ පොළොවේ ජීවත් වීමට අයිතියක් ඇති බවත් ධනවාදයට අමතක වී ඇති සැටියකි. මුළු ලොවම සම්පූර්ණ වශයෙන් ධනේශ්වරය වැළඳ ගත්තා යැයි සිතන්න. අපි අද භාණ්ඩ හා සේවා නිපයන වේගයෙන්ම හෝ ඊට වැඩියෙන් ඉදිරියට ගියහොත් එක්කෝ නිෂ්පාදන විකුණාගැනීමට නොහැකිව හෝ අමුද්‍රව්‍ය නැතිවීමෙන් නිෂ්පාදන නැවතීමෙන් හෝ මේ ක්‍රමය නවතිනු ඇත. මට ඇති ප්‍රශ්ණය නම් එතෙක් මේ ලෝකයේ මානව ශිෂ්ඨාචාරය පවතීද යන්නයි.
දැඩි තණ්හාව සහ ආශාවේ ගිලී ඇති මානව වර්ගයා ඉතා වේගයෙන් පෘථිවි ග්‍රහයා විනාශ කරමින් සිටියි. ධනේශ්වර සංවර්ධනයේ අග්‍රඵලය දකින්නට පෘථිවිය මත අවසානයේ ඉතිරිවන්නේ මැස්සන් හා කැරපොත්තන් පමණක් විය හැක...
No comments:
Post a Comment