Thursday, June 30, 2011

චැනල් 4 කුමන්ත්‍රණයට එරෙහිව ..2

චැනල් 4 නාලිකාව විසින් පසුගියදා එළි දැක්වූ වාර්තා චිත්‍රපටය පිළිබඳව පසුගිය ලිපියේ අග කොටසින් සාකච්ඡා කළ බී.බී.සි යේ මාධ්‍ය වේදියෙකු නිමැයූ සාකච්ඡාමය වැඩසටහන පිළිබඳවත් 2011.06.27 දින බී.බීසී සංදේශයේ මකරන්දය නමැති වැඩසටහන පිළිබඳවත් වැඩිදුර සටහනක් තැබිය යුතු යැයි සිතුවෙමි. නිහාල් විසින් ඉදිරිපත් කළ බී.බී.සී වැඩසටහන අන්තර්ජාලයෙන් මේ මස 30 වන විට ඉවත් කරන බැවින් අදාල වැඩසටහනේ චැනල් 4 චිත්‍රපටය සම්බන්ධ කොටස පටිගත කොට එමගින් වීඩියෝවක් නිර්මාණය කළෙමි. 
හදිසියේ සංදේශයට ඇහුම්කන් දෙන අතර චැනල් 4 සම්බන්ධ සාකච්ඡාවක් ඇතිවූයෙන් සිංහල බ්ලොග් පාඨකයන් වෙනුවෙන් එයද පටිගත කළෙමි.
චැනල් 4 හි Sri Lanka's Killing Fields නමැති චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සහ දමිළ සුභසාධක සංගමය නමැති එල්.ටී.ටී.ඊ සංවිධානයට හිතවත් සංවිධානයේ ආරම්භකයෙකු ලෙස පෙනී සිටි වසර 25 කින් ලංකාවට පැමිණ නැති ජොනාර්තන් නැමැත්තා ලංකාවට එරෙහිවත්, බ්‍රිතාන්‍යයයේ ශ්‍රී ලංකා වැඩ බලන මහ කොමසාරිස් අම්සා මහතා සහ ශ්‍රී ලංකාවෙන් මෑතක දී බ්‍රිතාන්‍යයට ගිය ශ්‍රී ලාංකිකයෙකු වන චතුර ජයතිස්ස සහ නිතර ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයෙකු වන රාජන් ලංකාව වෙනුවෙනුත් මෙම වැඩසටහනෙහි කථා කළහ.
වැඩ සටහන මෙහෙයවූ නිහාල් නම් මාධ්‍ය වේදියා පසුගිය දින වල දැඩි කථා බහකට ලක්වූ චැනල් 4 චිත්‍රපටය ගැන අදාල චිත්‍රපටය නිපදවූ අධ්‍යක්ෂකවරයා වන කැලම් මැක්රේ ගෙන් එය පිළිබඳව විමසමින් එම චිත්‍රපටයේ එන දර්ශන වල විශ්වාසනීයත්වය පිළිබඳව විමසීය. එහිදී ඔහු තමාගේ සාක්ෂි වල විශ්වාසනීයත්වයක් ඇති බව කියූ නමුත් ඒවා දැඩි ලෙස තහවුරු නොකළද එම උත්තරය තුළම ශ්‍රී ලංකා හමුදාව සිවිල් ජනයාට දැඩි ප්‍රහාර එල්ල කළ බව පුන පුනා පැවසීය. නිහාල්, මැක්රේ ගෙන් නැවතත් ඇසුවේ මෙම චිත්‍රපටය පැහැදිළිවම පෙන්වීමට උත්සාහ කරන ශ්‍රී ලංකා හමුදාව සිවිල් වැසියන්ට සිතාමතා පහරදුන් බව ඔප්පු කිරීමට ඔහුට ඇති සාක්ෂි මොනවාද යන්නයි. එහිදී ඔහු සාක්ෂි වශයෙන් පෙන්වන්නේ එක්සත් ජාතීන්ගේ දරුස්මාන් කමිටුව එවැනි සාක්ෂි සපයන බවයි. මධ්‍යස්ථ මාධ්‍ය වේදියෙකු වශයෙන් නිහාල් එහිදී දරුස්මාන් ඇතුළු පිරිස ලංකාවට පයවත් නොතැබූ බව මතක් කිරීම අගය කළ යුතුය. මෙම කූඨ අධ්‍යක්ෂකවරයා ශ්‍රී ලංකාව කෙරෙහි පූර්ව නිගමනයක සිට සිය චිත්‍රපටය නිපැයූ බව පැහැදිළිය.
වැඩ බලන මහ කොමසාරිස්වරයා ඉතා නිවැරදි ලෙස චැනල් 4 නාලිකාව ශ්‍රී ලංකාව ට එරෙහිව නිපදවන ලද සියළු වීඩියෝ දර්ශන සියල්ල ශ්‍රී ලංකාවට ඉතා වැදගත් අවස්ථා වලදී ප්‍රකාශයට පත් කළ බව සාක්ෂි සහිතව පෙන්වා දුන්නේය. එමෙන්ම චැනල් 4 වීඩියෝ පටයේ සඳහන් වන වැරදි දෙමළ පරිවර්තන ද නිවැරදි කළේය. එහිදී ඉදිරිපත් වූ ජොනර්තන් ප්‍රසිද්ධියේ කිසිදු ලජ්ජාවකින් තොරව අදාල දමිළ භාෂාවෙන් වූ ප්‍රකාශය වැරදියට ඉංග්‍රීසියට පරිවර්තනය කළේ චැනල් 4 නාලිකාව විසින් කළ පරිවර්තනය සත්‍යය බව පෙන්වීමට විය යුතුය. නමුත් මෙම සිදුවීම මගින් චැනල් 4 ආයතනය සිය අපකීර්තිමත් වාර්තා චිත්‍රපටය සඳහා යොදාගත් දෙමළ පරිවර්තකයන් ගැන පැහැදිලි ඉඟියක් සපයයි. එනම් චැනල් 4 සමග එක්වූ එල්.ටී.ටී.ඊ යට පක්ෂ පාතී පිරිස් එක්කෝ මැක්රේ ගේ අනුදැනුම පිට හෝ නැතිනම් මැක්රේ වත් රවටමින් හෝ ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහි ප්‍රචාරක මාධ්‍යයක් ලෙස චැනල් 4 නාලිකාව යොදාගෙන ඇති බවයි. කෙසේ වෙතත් පළමු අනුමානය සත්‍ය බවට මැක්රේ ගේ හැසිරීම පැහැදිළි සාක්ෂි සපයයි. පසුගිය ලිපියේ මා විසින් රූපරාමු සහිතව ඔබට ඉදිරිපත් කළ පරිදි චිත්‍රපටයේ කිසිදු තැනෙක කිසිදු දමිළ වැසියෙකු ශ්‍රී ලංකා හමුදාව තමන්ට පහර දෙන බව නොකියයි. නමුත් කැලම් මැක්රේට අනුව නම් ජනතාව කියන්නේම ලංකා හමුදාව තමන්ට පහර දුන් බවයි.
වැඩසටහන අතර තුර මැක්රේට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වරයා ලවාම තම මතය ඔප්පු කරගැනීමටයි.එසේ වුවද මැක්රේගේ බාධා කිරීම් මැද ශ්‍රී ලංකා වැඩ බලන මහ කොමසාරිස් වරයාගේ රට වෙනුවෙන් කළ කරුණු දැක්වීම ප්‍රශංසනීයවේ. මේ අතර බී.බීසී සංදේශය වැඩසටහනේ දී සිවිල් ජනයා අතර සිට එල්.ටී.ටී.ඊ ය හමුදාවට බර අවි ප්‍රහාර එල්ල කරමින් හමුදාව ලවා යුධ මුක්ත කලාපයට ෂෙල් ප්‍රහාර එල්ල කරවා ගැනීමට තැත් කළ බවට එක්සත් ජාතීන්ගේ දරුස්මාන් කමිටු වාර්තාවේ සඳහන් වනවා නොවේදැයි නිවේදකයා ඇසූවිට මැක්රේ පැවැසූයේ එල්.ටී.ටී.ඊ ය එවැනි දේ කළ බවට තමන්ට සාක්ෂි නැති බවයි. එකම මාධ්‍ය ආයතනය (බී.බී.සීය) විසින් විකාශය කළ වැඩසටහන් දෙකකදී දරුස්මාන් කමිටු වාර්තාව (එයද අපි ප්‍රතික්ෂේප කරන්නෙමු) ලංකාවට එරෙහිවූ විට පිළිගත හැකි සාක්ෂි ලෙසත් එයම කොටින්ට එරෙහිවූ විට පිළිගත හැකි සාක්ෂියක් නොවන ලෙසත් ප්‍රකාශ කිරීමෙන්ම මැක්රේ ගේ ඒක පාර්ෂවීය බව තේරුම් ගත හැක.මැක්රේ දරුස්මාන්ටත් එහා ගිය ශ්‍රී ලංකා විරෝධියෙකු බව පෙනේ.
ශ්‍රී ලංකාවට එරෙහි මත දරන දමිළ සරණාගතයින්ගෙන් වැඩි පිරිසක් වසර ගණනාවකින් මෙරටට පය තබා නැති බවට හොඳම උදාහරණය සැපයූවේ ජොනර්තන් ය.නිතර ලංකාවට පැමිණෙනශ්‍රී ලාංකිකයකු වන රාජන් ගේ කරුණු දැක්වීම හමුවේ ඔහු සම්පූර්ණයෙන්ම බොරුකාරයෙකු බව ඔප්පු විය.
කැලම් මැක්රේ ස්වකීය ඊනියා මධ්‍යස්ථ භාවය පෙන්වීමට මෙහිදී කියා සිටියේ කොටි සංවිධානය ද දරුණු ලෙස මානව හිමිකම් කඩ කිරීම් සහ යුධ අපරාධ වල නිරත වූ බව ස්වකීය චිත්‍රපටය මගින් නැවත නැවතත් කියා සිටි බවයි.නමුත් මෙහිදී බී.බී.සී මාධ්‍ය වේදියා පවසා සිටියේ තමා අදාල චිත්‍රපටිය එදින උදේ නැරඹූ බවත් සත්‍ය වශයෙන්ම කිසිදු ආකාරයක එවැනි චෝදනාවක් තද බල ලෙස එල්.ටී.ටී.ඊ වෙත නගා නොතිබූ බවයි. මෙහිදී මැක්රේ නිරුත්තර වූ අතර ඔහු පක්ෂග්‍රාහීව ක්‍රියා කල බව තහවුරු විය.


නිහාල් විසින් පැවැත් වූ සාකච්ඡාවේ මුල් කොටස

 නිහාල් ගේ සාකච්ඡාවේ දෙවන කොටස


නිහාල් විසින් පැවැත්වූ සාකච්ඡාවේ අවසන් කොටස




කොටින්ට සම්බන්ධ පිරිස් රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ඡායාරූප හා වීඩියෝ නිපදවූ බවට පැහැදිළි කෙරෙන ඡායාරූප 2ක් අන්තර්ජාලයෙන් මට හමු විය. ලංකා හෙල්ප් මැගසින් වෙබ් අඩවියේ පළවූ පහත ඡායාරූප නැවත පළ කරමි.



ඉහලින් ඇති ඡායාරූපයේ සිනා සෙමින් පිරිසක් ඡායාරූප ගත කරන තරුණියක ඇතුළු පිරිස දෙස බලන්න ඊට පහළ ඇති ඡායාරූපය සහ එය අතර ඇති සමානතා පරීක්ෂා කිරීමෙන්ම ඈත ප්‍රදේශයක පෙනෙන දුම් වලාවක් යොදා ගනිමින් රජයේ හමුදාවල ප්‍රහාරයන්ට බියෙන දිවයන ජනතාවක් ලෙස අවතැන්වූවන් යොදා ගනිමින් ප්‍රචාරක චිත්‍රපටය ගොඩනගා ඇති ආකාරය පැහැදිළි කරගත හැක.
බී.බී.සී සංදේශයේ මකරන්දය නම් විශේෂාංගය ඔස්සේද චැනල් 4 චිත්‍රපටය ගැන වැදගත් සංවාදයක් ගොඩනඟා තිබිණ. එය සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් ඉදිරිපත් කර ඇති නිසා මම ඒ ආශ්‍රිත දීර්ඝ රචනාවක් ඉදිරිපත් නොකරමි. නමුත් මෙම වැඩසටහනද චැනල් 4 නාලිකාවට ආවඩන දේශීය ඇතැම් බලවේග වල දෑස් ඇරවීමට යම් බලපෑමක් සිදු කරනු ඇතැයි මම සිතමි. මන්ද යත් ස්වාධීන මාධ්‍යකරණය පිළිබඳ පරමාදර්ශ ලෙස අපේ සමහරුන් දකින බී.බී.සීය විසින් ම මේ වැඩසටහන් නිපදවා ඇති නිසාය. එහිදී සිරි හේවාවිතාරණයන් දැක්වූ තාක්ෂණික අදහස් ඉතා වැදගත්ය. අපේ රටින් බිහිවූ ඩිජිටල් තාක්ෂණික විශේෂඥයෙක් වන හේවාවිතාරණයන් චැනල් චිත්‍රපටයේ ඇති ප්‍රලාපයන් සාර්ථක ලෙස තාක්ෂණිකව බිඳ දමමින් රට වෙනුවෙන් නැගූ හඬ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිව්යෝර්ක් කරුණු දැක්වීම තරම්ම  අභිමානවත්ය.
බී.බී.සී සංදේශය 2011-06-27
ශ්‍රී ලංකාවට දැන් අවශ්‍ය වන්නේ ජනයා අතර සංහිඳියාවක් ඇති කරන්නාවූ වැඩසටහන්ය. දශක 3 ක යුද්ධය මෙරට ජනයා එකිනෙකා කෙරෙහි වෛරයෙන් හා සැකයෙන් බැලීමට පුරුදු කළහ. බොහෝ දෙශපාලනඥයන් කළේ අවිලෙන ගින්නට පිදුරු දැමීම විනා එය නිවන මගක් සඳහා ජනතාව යොමු කරවීම නොවේ. දැන් වසර 30 ක් තිස්සේ අප විසින් අතහැර දමා තිබූ බොහෝ දේ නිවැරදි කිරීමට කාලයයි. මේ වන විට යුද්ධය නිමවී වසර 2ක් අවසන්ව ඇත. උතුරේ මෙන්ම දකුණේද නායකයන් ස්වකීය දැඩි අදහස් වලට එළඹ සිටීමත්, ජනයා අතර අසමගිය සිය දේශපාලන ව්‍යාපාර සිදු කරගෙන යාමට ආයුධ කරගැනීමත් නවතා රට වෙනුවෙන් වැඩ පටන් ගත යුතුය. දැන් බටහිර රටවල දේශපාලනඥයින් කරන්නේ පසුගිය වසර 60 තුළ අපේ දේශපලනඥයින් කළ දෙයම, එනම් සිංහල හා දෙමළ ජනයාත් මුස්ලිම් ජනයාත් එකිනෙකා කෙරෙහි බිඳවීමයි. විශේෂයෙන් විදෙස් ගත දෙමළ ප්‍රජාවේ ඡන්දය ඉලක්ක කරමින් මෙරට ජනයා තවදුරටත් බෙදා වෙන් කිරීමට ඔවුන්ට අප තවත් ඉඩ දිය යුතුද?

2 comments:

  1. අනෝජ්,

    පලමු කොට කරුනු කාරනා මත පදනම් වී කාලීන විශයක් ගැන ඔබ ලියා ඇති ලිපිය අගේ කරනවා. ලිපියට පාදක උන මූලාශ්‍ර ද ලිපියට එක් කල තිබීම ගැන මයියා ඉතා සතුටුයි. ලිපියට අදාල මූලශ්‍ර ඉදිරිපත් කිරීම සි0හල ලිපි ලියන්නන් අතර ඉතා දුලබ දෙයක්. ඔබ මෙයින් ඔබ්බට ගොස් මූලාශ්‍ර ලිපියට අන්තර්ගත කිරීම අගේ කල යුත්තක්.

    කිලින් ෆීල්ඩ් චිත්‍රපටිය මථ්‍යස්තව කරුනු කාරනා විමසනු වෙනුවට ශී ලOකා රජයට පහර ගැසීම අරමුනු කොට නිපදවා ඇත්තක් බව , යුද්ධය සමග ජීවත් වූ අයට රහසක් නොවේ.

    මෙහිදී ඔවුන් චිත්‍රපටියේ කාලයේන් ඉතා වැඩි කොටසක් යොමු කරන්න්නේ රජයේ හමුදා , රොහල් වලට හිතා මතා ප්‍රහාර එල්ල කල බව පෙන්වීමට හා යුධ සිරකරුවන් මරා දමා ඇති බව පෙන්වීමටයි.මනුශ්‍යත්වයට නිගා වන ලෙස කවරෙක් හෝ යුධ අපරාද කර ඇත්නම් ඒයට දඩුවම් දීම සධාරන සමාජයක් උදෙසා ශ්‍රී ලOකාව ගත යුතු අත්‍යවශ්‍ය කාරනයක්. නමුත් ඒ සදහා ලෝකයා පිලිගත් ක්‍රම වේදයක් පවතිනවා. ඒ ක්‍රමය ඉක්මවා , එක් පාර්ශවයක් පමණක් වරදකරු කරමින් , හැOගුණු අරමුණු සහිතව නිශ්පාදනය කරනු ලබන මෙවැනි වැඩසටහන් වල ඒ දුෂ්ට අරමුනූ හා වැරදී පෙන්වා දීම ශ්‍රී ලාOකික සිOහල , දෙමල ,මුස්ලිම් යන හැම ජන කොට්ඨාඨාශයකම උගත් අයගේ වගකීමක්.

    මේ වගකීම වෙනුවෙන් ඉදිරියට ආ අනූජ් ගේ මේ ලිපිය මයියා ඉතා අගය කොට සලකනු ලබනවා.

    ReplyDelete
  2. අන්න චැනල් ෆෝ කාරයෝ සංගක්කාරගේ කටහඬින් හඬ කවපු කතාවක් රිලීස් කරලා!
    මල කෙලියයි, මේ මොකද වෙන්නේ?

    ReplyDelete